තෙලෙන් බදින කෑම හදද්දි වැඩිපුර තෙල් ටික උරා ගන්න කියලා සමහර අය පත්තර කොලවලට දානවා. ඒ වගේම තමයි පෙනේරෙන් පිටි හලන්නෙත් පත්තර කොලේට. ඇයි මස්, මාළු ගන්න ගියාම මාළු පත්තර කොලේ ඔතලා දෙන මාළු කඩ ඕනේ තරම් තියෙනවා. මේ ක්‍රමේ පහසු ඇති, ඒත් සුදුසුද කියලා හිතන්න ඕනේ නේද?

මේ පත්තර ප්‍රින්ට් කරන්නේ එක එක විදියේ තීන්ත වර්ග යොදාගනනවා.
ඉතින් මේ තීන්ත වර්ග නිශ්පාදනයේදී තීන්තවල පවතින ලාක්ෂණික ගුණ පවත්වා ගන්න විවිධ වූ විෂ සහිත රසායනික ද්‍රව්‍ය භාවිත කරනවා. විශේෂයෙන්ම එක එක වර්ගයේ බැර ලෝහ වර්ග. ඉතින් අපි ගැඹුරු තෙලේ කෑමක් බැදලා මේ වගේ පත්තර කොළයකට දැම්මොත් අධික උෂ්ණත්වය වගේම තෙල් මාධ්‍යයක් ලෙස ක්‍රියා කරලා තීන්ත වල තියෙන විෂ රසායනික ද්‍රව්‍ය දියවෙලා ආහාරයට එකතු වෙනවා. ඒ වගේ ම මස් මාළු වගේ දෙයක් පත්තර කොළ වල එතුවම, ලේත් එක්ක තීන්ත දියවෙලා ශරීරයට අහිතකර වූ රසායනික ද්‍රව්‍ය එකතු වෙනවා.
මේ ගැන සැලකිලිමත් නොවීම භයානක පිළිකාකාරී තත්ත්ව වලට හේතු වෙන්න පුලුවන්.
ඉතින් මෙන්න මේ දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරලා අවදානම අවම කරගන්න එක අපේ වගකීමක්.