මුහුදු මිදි – Sea Grapes (Caulerpa recemosa/ Caulerpa lentillifera)[Do not foraging for these threatened marine plants along the coastal belt around the Island]
ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ ස්වභාවික පරිසරයෙන් නෙළා ගන්නා නිල් දිය පැළෑටි විෂ සහිත වේ (බැරලෝහ, විෂ ප්ලාවංග , රෝගකාරක බැක්ටීරියා සහ වෛරස් වලින් අපවිත්‍ර වී ඇති නිසා) සැමවිටම පිරිසිදු මුහුදු ජලය තුල වගා කළ නිල් දිය පැළෑටි පමණක් ආහාරයට ගත යුතුය.
තවද, ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ පරිසර දූෂණය සහ මුහුදු ඛාදනය නිසා මුහුදු පැළෑටි ඉතා සිඝ්‍රයෙන් වඳවී ගෙන යාමේ තර්ජනයට ලක්ව ඇත. එම නිසා වගාකිරීම මඟින් පමණක් නෙලා ගැනීම සැමවිටම සිදුකර තිරසර ලෙස ප්‍රයෝජනයට ගැනීම කාලීනව සිදුකල යුතු මෙහෙවරකි.
නිල් දිය පැළෑටි වර්ග ඉතා ඉහල පෝෂණිය සහ ඖෂධිය වටිනාකමක් ඇති කාබනික ආහාර ඝණයට අයත්ය.මෙම පැළෑටි වර්ග ආශ්‍රිතව ඇතැම් දකුණු අසිතියාතික රටවල ආහාර සැපයුම් කර්මාන්ත ගොඩනැගි ඇති බැවින්, ශ්‍රි ලංකාවේද සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්තය ලෙස මෙම පැළෑටි වගා කිරීම සහ ආහාර ලෙස සැකසීම ස්ථාපිත කරමින් නව සෞඛ්‍යමය ආහාර ලෙස ශ්‍රී ලාංකික ජනතාව අතර ප්‍රචලිත කිරීමටත් දේශීයව නව රැකියා උත්පාදනයටත් අවධානය යොමුවිය යුතුය.
මුහුදු මිදි පැළෑටියෙන් සාදන ක්ෂණික ආහාර වර්ග (අමු සලාද ,අච්චාරු , කෙටි ආහාර වර්ග) ජපානය, දකුණු කොරියාව වැනි දකුණු ආසියාතික රටවල ඉතා ජනප්‍රිය වන අතර මෙය එම රට වල වල වගාකර ප්‍රයෝජනයට ගනු ලැබේ.
මුහුදු මිදි වල පෝෂණීය ගුණ
මෘදු තන්තු (Dietary fiber) බහුල නිසා ආහාර ජීර්ණ පද්ධතිය (අන්ත්‍ර පද්ධතිය) නීරෝගී කරයි.
අත්‍යාවශය ක්ෂුද්‍ර ඛණිජ ලවණ (Iodine- “I”, Potassium- “K”, Sodium-“Na”) ; සෞඛයට හිතකර මේද අම්ල සහ ඇමයිනෝ අම්ල බහුලය.
ප්‍රතිඔක්සිකාරක ගුණය අඩංගු බැවින් ඉතා හොඳ පිළිකා නාශකයකි.
සමට පෝෂණය ලබාදීම මගින් සමෙහි තරුණ බව රැකදේ.
වගාකිරීමේ පරිසරය
1. පිරිසිදු මුහුදු ජලය පවතින ප්‍රදේශ වල වගා කළ හැකිය.
2. මුහුදු ජලය අඩංගු ටැංකි තුල ද අඩු පිරිවැයක් යටතේ වගා කිරීම සිදු කළ හැකිය.
වගාකිරීමට සුදුසු හදුනාගත් ප්‍රදේශ
දකුණු මුහුදු තීරය
මන්නාරම් මුහුදු තීරය
නැගෙනහිර මුහුදු තීරය
උතුරු මුහුදු තීරය
අස්වනු නෙලා ගැනිම.
වගා කිරීමෙන් සති 3-4 ට පසුව ආහාරය සඳහා සුදුසු පැළෑටි නෙලා ගැනීම සිදු කළ හැකි වේ. (Can be harvested in 3-4 weeks)
මුහුදු මිදි ප්‍රයෝජන/වාසි
• නෙළාගත් පසුව විධිමත් පරිදි විෂබීජ හරණය කර මුහුදු මිදි අමු සලාදයක් ලෙස ආහාරයට ගැනිම.
• නූඩ්ල්ස්,පැස්ටා, වැනි ආහාර වලට අතිරේක පෝෂකයක් (supplement )ලෙස .
• අච්චාරු (මුහුදු මිදි විනාකිරි හෝ දෙහි යුෂ සහ තුනපහ සමග මිශ්‍ර කර) ලෙස පිලියෙල කල හැකිය.
• ඖෂධීය පැළෑටි වර්ගයක් ලෙස ද සමහර රටවල භාවිතා කරයි
කල්තබා ගැනිම.
• ශිතකරණයක් තුල සති දෙකක කාලයක් (අමු ආකාරයෙන්) තබා ගත හැකිය.
වැඩිදුර උපදෙස් සහ විස්තර සදහා, අදාල තාක්ෂණය නාරා ආයතනයෙන් ලබා ගත හැකිය.
For more information:
ක්ෂණික ඇමතුම් අංකය | +94710101010ආචාර්ය ජීවිකා ගනේගම ආරච්චි /
ප්‍රධාන විද්‍යාඥය| දු. ක. +94112529733 / +94719353623
රුචිත පෙරේරා | දු. ක +94112521000 දිගුව 130
පාතිමා නිස්රීනා +94773263334 (For communication in Tamil language)