ඌරු මස් සඳහා චීනයේ පවතින ඉතාමත් ඉහළ ඉල්ලුමක්. මෙම ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීම සඳහා චීනය නිරන්තරයෙන් වෙහෙසී වැඩ කරනවා. මෙහි ප්‍රතිඵලයක් විදියට චීන විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ඌරු මස් පරීක්ෂණාගාරයක් තුළදී නිෂ්පාදනය කරන්න පරීක්ෂණ රාශියක් සිදු කරමින් පවතිනවා.


Nanjing Agricultural University විද්‍යාඥයන් පිරිසක් තමයි මේ පරීක්ෂණ සිදු කරන්නේ. දින විස්සක් තුළ පෙට්‍රි දීසියක් (petri dish) මත ඌරෙකු ගෙන් ලබාගන්නා ලද සෛල ග්‍රෑම් පහක ප්‍රමාණයක් වර්ධනය කිරීමට සලස්ව එමඟින් සාර්ථකව රෝස පැහැති සෛල ගැටිති වර්ධනය කර ගැනීමට ඔවුන් සමත්ව තියෙනවා.


මෙලෙස විද්‍යාගාරය තුළ කෘත්‍රිම ව ඇති කරන ලද සෛලවල පැහැය, ප්‍රමාණය, ස්කන්ධය, වයනය සාමාන්‍ය ඌරෙකුගේ සෛල හා සමාන බව ඔවුන් තව දුරටත් තහවුරු කරගෙන තියෙනවා.


මේවා රසායනාගාර තුළ පරීක්ෂණ මට්ටමේ පවතී. නමුත් වැඩි වැඩි වන ජනගහනයට අවශ්‍ය ආහාර සැපයීම වර්තමානයේ පවතින අභියෝගයකි. දියුණු රටවල් මේ සඳහා නිරන්තරයෙන් පර්යේෂණ සිදු කරයි. වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය අඩු වීම කාන්තාරීකරණය වැනි කරුණු හේතුවෙන් ඒකිය වර්ගඵලයකින් ලබා ගතහැකි අස්වැන්න වැඩි කරගැනීමට ගන්නා ප්‍රයත්නවල ප්‍රතිඵල වශයෙන් අනාගතයේ සත්ත්ව පාලනය වෙනුවට සත්ව සෛල වගා කිරිම සිදුවිය හැකි ය
මෙහි බලපෑම කාලීනව අධ්‍යනය කිරීමෙන් තහවුරු කරගත යුතු ව ඇත.

(copyright protected by SL FOOD tech.)