SL FOOD tech. අපිට අවුරුදු 02යි

2019 දි ආහාර හා ආහාර තාක්ෂණය ගැන අපේ අයට කියල දෙන්න ආරම්භ කරපු අපේ SL FOOD TECH එකට අදට අවුරුදු දෙකයි.
පුංචි කණ්ඩායමක් එකතු වෙලා පටන් ගත්ත SL FOOD TECH එක අද වෙනකොට සෑහෙන සාර්ථක ගමනක් ඇවිත් බව ඔබ හැමටම අද කියන්නෙ නිහතමානී ආඩම්බරයකින්. ඒ ගමන අඩියෙන් අඩිය ඉදිරියට ගියේ ඔබ හැමෝම අපව පිළිගත් නිසා, අපට ශක්තිය දුන් නිසා.
සෙමින් නමුත් ස්ථාවරව ආ ගමනේ අප මුහුණ දුන් ලොකුම අභියෝගය උනේ කොරෝනා වසංගතයේ බලපෑම. අපි ඒ අභියෝගයත් ජයගත්තේ අන්තර්ජාලය හරහා පුහුණු වැඩ සටහන් සාර්ථක ලෙස පවත්වලා. අද වෙනකොට SL FOOD TECH වෙතින් පුහුණුව ලැබූ සංඛ්‍යාව 2000 කට අධිකයි. ඒ අතර විදෙස් පුහුණුලාභීන්ද සිටින බව කියන්නේ ඉතාමත් සංතෝෂයෙන්. අපගේ පුහුණු වැඩසටහන්වලට සහභාගි වී ලබාගත් දැනුමෙන් සාර්ථකව ආහාර නිෂ්පාදන ව්‍යාපාරයේ යෙදෙන විශාල පිරිසක් ඉන්න බව කියන්නෙත් ඒ වගේම සංතෝෂයෙන්. ඒ තමයි අපේ මහන්සියේ, කැපවීමේ අස්වැන්න. SL FOOD TECH page එකට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන අද, SL FOOD TECH වෙබ් පිටුව ආරම්භ කරමින් තවත් පියවරක් ඉදිරියට තබනවා. එයත් ඔබට ආහාර තාක්ෂණය පිළිබඳ දැනුම ලබා දීම සඳහාමයි.
මේ අවුරුදු දෙක ඇතුලත අපේ ගමන සාර්ථක කර ගැනීමට ආශිර්වාද කළ ශක්තිය හා ධෛර්යය ලබා දුන් අතහිත දුන් ඔබ හැමදෙනාටම ගොඩාක් ස්තුතියි! අපේ ඉදිරි ගමන තීරණය වෙන්නෙත් ඔබ අප වෙත තබන විශ්වාසය මතයි. ඒ විශ්වාසය හැමදාටම රකින බවට පොරොන්දුව සමග SL FOOD TECH කණ්ඩායමේ ආදරයත් ගෞරවයත් මේ සමග පිරිනමන්නෙමු.
රැඳෙන්න SL FOOD TECH අප සමග
– SL FOOD TECH කණ්ඩායම-