Basic Certificate Course in
Bottling Technology of Fruit Juice, Fruit Nectar & RTS Drinks
පළතුරු බීම බෝතල් කිරීමේ තාක්ෂණය සහතිකපත්‍ර පාඨමාලාව

අගය එකතු කරන ලද පළතුරු බීම කාණ්ඩ කිහිපයකට වර්ග කල හැකිය. මේ අතරින් පළතුරු යුෂ, පළතුරු නෙක්ටා සහ පානය සදාහා සූදානම් කරන ලද පළතුරු බීම ප්‍රධාන වේ. පළතුරු යුෂ සමන්විත වනුයේ, එය නිශ්පාදනය සදහා භාවිතා කරනු ලබන පළතුරු අන්තර්ගතයෙනි. පළතුරු නෙක්ටා සහ පානය සදහා සුදානම් කල පළතුරු බීම සදහා විවිද ද්‍රව්‍ය සහ ආහාර ආකලණ ද්‍රව්‍ය භාවිතා කල හැකිය. මෙවැනි නිශ්පාදන සිදු කිරීම සදහා බලාත්මක කරන ලද මාර්ගෝපදේශයන් ශ්‍රීලංකා ප්‍රමිත ආයතනය මගින් නිකුත් කර ඇති අතර, ඔබ සිදු කරන නිශ්පාදනයන් එම මර්ගෝපදේශයන්ට යටත්ව සිදු කිරීම අනිවාර්‍ය වේ. මෙසේ සිදු කරනු ලබන පළතුරු බීම නිශ්පාදන සදහා දේශිය සහ විදේශ වෙලදපොළ තුල විශාල ඉල්ලුමක් ඇත.  මෙම නිශ්පාදන තාක්ෂණය පිළිබදව හැදෑරීමට ඔබ උනන්දුවක් දක්වන්නේ නම්, අපගේ විධිමත් පාඨමාලාව සමඟ සම්බන්ධ වන්න. පාඨමාලාව පිළිබදව විස්තර පහත දක්වා ඇත.

Benefits

There will be an opportunity to understand the scientific background of Fruit Juice Bottling technology and gain practical knowledge. If you are currently engaged in these products, you can develop your knowledge. If you are a beginner, you can get all the knowledge you need to start a successful business in this field.
පළතුරු බීම බෝතල් කිරීමේ තාක්ෂණයේ විද්‍යාත්මක පසුබිම අවබෝධ කරගැනීමටත්, ප්‍රායෝගිකවම දැනුම ලබා ගැනීමටත් අවස්ථාව ලැබේ. ඔබ දැනට මෙම නිශ්පදන වල නිරත වන අයෙකුනම් ඔබගේ දැනුම සංවර්ධනය කරගැනීමට හැකිය. ඔබ ආදුනිකයකු නම් මේ සම්බන්ධ සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු දැනුම ඔබට ලබා ගත හැකිය.

Target Groups

Company Staff Members, Entrepreneurs, New Comers, Campus Students & anyone who is interested to this topic
ආයතන සේවකයින්, ව්‍යවසායකයන්, ආදුනිකයන්, විශ්ව විද්‍යාල සිසුන් සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන්

Entry requirements

OL or Working Experience
සාමාන්‍ය පෙළ සමත් හෝ ආහාර නිශ්පාදන ක්ෂේත්‍රයේ පළපුරුද්ද

Medium

Sinhala සිංහල

Course Fee

15,500LKR

TVEC Recognized Certificate Will Be Awarded To Those Who Successfully Complete The Certificate Course.
සහතිකපත්‍ර පාඨමාලාව සාර්ථකව අවසාන කරන අය සඳහා තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිශන් සභාවේ පිළිගැනීම සහිත සහතිකපත්‍රයක් හිමිවේ.

  • Theory & Practical Training න්‍යාත්මක සහ ප්‍රායෝගික පුහුණුව

මෙය එක් දිනයකදී උදෑසන 9 සිට සවස 5.30 දක්වා SL FOOD tech. Training Institute – Nugegodaදී පැවැත්වේ. මෙහිදී ඔබට මෙම තාක්ෂණය පිළිබඳව න්‍යාත්මක කරුණු පිළිබඳව දේශනයක් සහ මේ සම්බන්ධව ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙයි.

  • Online Evaluation Test මාර්ගගතව පවත්වන ඇගයීම

ඔබ නිවැරදිව දැනුම ලබාගත්බව පරීක්ෂා කිරීමට මාර්ගගතව මෙය පැවැත්වේ. 

  • මෙම නිශ්පාදන සිදු කිරීමට අවශ්‍ය යන්ත්‍ර, උපකරන, ඇසුරුම් ද්‍රව්‍ය සහ අනෙකුත් දේ සපයන ආයතන හදුන්වාදීම 
  • පලතුරු බීම බෝතල් කිරීමේ මූලික සිද්ධාන්ත
  • පලතුරු තෝරා ගැනීම, පිරිසිදු කිරීම, පල්ප් සෑදීම සහ කල් තබා ගැනීම
  • බෝතල් කිරීම සඳහා සුදුසු බෝතල් සහ මූඩි තෝර ගැනීම
  • අනුමත ආහාර ආකලන ද්‍රව්‍ය සහ ඒවායේ භාවිතය
  • ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරන ලද විශේෂිත වූ ප්‍රමිතියට අනුකූලව පලතුරු බීම නිෂ්පාදනය කිරීම
  • තාප පිරියම් කිරීම සහ ආහාර පරිරක්ෂක ද්‍රව්‍ය භාවිතා කිරීම
  • ගුණාත්මක භාවය තහවුරු කිරීමේ මූලික ක්‍රමවේදය
  • වාණිජ නිෂ්පාදනයේ දී භාවිතා කළ හැකි උපකරණ

Next Intakes 

Sunday 18 August 2024 (8 seats available)

at SL FOOD tech. Training Institute – Nugegoda

Feedback from Previous Participants