ආහාර නිශ්පාදන තාක්ෂණය ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා. ලංකාව තුළ නවීන ආහාර නිෂ්පාදන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතය ඉතා අල්ප වුවද, බොහෝ දියුණු රටවල් ඉතා සූක්ෂම අහාර නිෂ්පාදන තාක්ෂණික ක්‍රම වේදයන් බිහි කරමින් පවතී.
මේ අතරින් ස්පන්දිත විද්‍යුත් ක්ෂේත්‍ර තාක්ෂණය (Pulsed Electric Field Technology) සුවිශේෂී ස්ථානයක් ගනී.
මෙම ඉතා නවීන අදිතාක්ෂණික ක්‍රමවේදය හරහා,
- එළවළු පලතුරු විජලනය කිරීම
- පළතුරු යුෂ නිෂ්පාදනය සහ කල් තබා ගැනීම
- කෝඩියල් වර්ග, ඔලිව් තෙල් වැනි තෙල් වර්ග, වයින් වර්ග, බියර් වර්ග වැනි විවිධ වූ නිෂ්පාදන සඳහා සාර්ථකව වානිජ මට්ටමෙන් යොදා ගනිමින් පවතී.
මෙහි මූලධර්මය වනුයේ අදාළ නිෂ්පාදනය ඉතා කෙටි කාලයක් තුළදී ඉතා ඉහළ විභව අන්තරයක් සහිත විද්‍යුත් ක්ෂේත්‍රයකට නිරාවරනය කිරීම සිදු කරයි. නිෂ්පාදනය තාප කිරීමක් (උෂ්ණත්වය ඉහළ යෑම) සිදු නොවේ. නමුත් නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර විද්‍යුත් ක්ෂේත්‍රයට නිරාවරණය වීම හේතුවෙන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 40-50 අතර උෂ්ණත්වයකට තප්පර කීපයකට පත්විය හැකිය.
විද්‍යුත් ක්ෂේත්‍රයට නිරාවරණය වීම හේතුවෙන් එම නිෂ්පාදනයේ සෛල තුළ ඇති ලවණ වර්ග සහ රසායනික සංඝටක ඒවායේ ආරෝපණය මත (ධන සහ රින) බාහිරින් ලබා දෙන විද්‍යුත් ක්ෂේත්‍රයට අනුව සෛල තුළ පෙළගැසෙයි.
බාහිරින් ලබා දෙන විද්‍යුත් ක්ෂේත්‍රයේ අන්තරය ක්‍රමයෙන් ඉහළයත්ම, එම පීඩනය දරා ගත නොහැකිව සෛල බිත්ති තුළ ක්ෂුද්‍ර විවර ඇතිවෙ.
විජලනයේදී මෙම විවර හරහා ජලය පහසුවෙන් පිටතට පැමිණ ජලය ඉවත්ව යෑම පහසු කරවයි. මෙමගින් විජලනය කිරීම සඳහා නිෂ්පාදනය ඉතා ඉහළ උෂ්ණත්වයකට පත්කිරීමට අවශ්‍ය නොවෙ.
සෛල වලට සිදුවන හානිය ඉතාමත් අවමවන අතර ඉහල උෂ්ණත්වයකට ලක්නොවෙ. එමගින් රසය, වර්ණය, වයනය සහ ගුණාත්මකභාවය නැවුම් නිෂ්පාදනයේ තත්ත්වයට බෙහෙවින් සමානය.
පළතුරු යුෂ, බිම වර්ග, මධ්‍යසාර අඩංගු වයින් සහ බියර් වර්ග, එළවළු හෝ පලතුරු පල්ප වර්ගවැනි ද්‍රවමය නිෂ්පාදනවල සිටින ක්ෂුද්‍ර ජීවීන් විනාශ වීමද සිදු වනුයේ, විද්‍යුත් ක්ෂේත්‍රය හමුවේ ඔවුන්ගේ සෛල බිත්තිමත ඇති වන ක්ෂුද්‍ර ආවකාශ හේතුවෙනි. පෝෂක සංඝටක එපරිද්දෙන් ම රැකෙන අතර නැවුම්බව ආරක්ෂාවෙ.
(©️Copyright Protected by SL FOOD tech.)