Manufacturing of Value Added Sauce Varieties
සෝස් වර්ග බෝතල් කිරීමේ තාක්ෂණය පාඨමාලාව
සෝස් වර්ග බෝතල් කිරීම තරමක් සංකීර්ණ ක්‍රමවේදයක් වන අතර , නිශ්පාදනයේ අවසාන pH අගය පිළිබදව මනා අවබෝදයක් තිබිය යුතුය. pH අගය මත පදනම් වෙමින් , තාප පිරියම් කිරීමේ ක්‍රමවේදය නීර්ණය කලයුතු වන අතර එමගින් නිශ්පාදනය පැශ්චරීකරණය හෝ ජීවනුහරණ ක්‍රමවේදය යටතේ පරිරක්ශණය කල යුත්තේ ද යන්න විද්‍යාත්මක පසුබිමක් මත පිහිටවමින් තීරණය කල යුතුය. මෙලෙස බෝතල් කරනු ලබන සෝස් නිශ්පාදන සදහා දේශිය මෙන්ම විදේශ වෙලදපොළ තුල විශාල ඉල්ලුමක් ඇත. මෙම නිශ්පාදන තාක්ෂණය පිළිබදව හැදෑරීමට ඔබ උනන්දුවක් දක්වන්නේ නම්, අපගේ විධිමත් පාඨමාලාව සමඟ සම්බන්ධ වන්න. පාඨමාලාව පිළිබදව විස්තර පහත දක්වා ඇත.

Benefits

There will be an opportunity to understand the scientific background of Sauce Bottling technology and gain practical knowledge. If you are currently engaged in these products, you can develop your knowledge. If you are a beginner, you can get all the knowledge you need to start a successful business in this field.
සෝස් වර්ග බෝතල් කිරීමේ තාක්ෂණයේ විද්‍යාත්මක පසුබිම අවබෝධ කරගැනීමටත්, ප්‍රායෝගිකවම දැනුම ලබා ගැනීමටත් අවස්ථාව ලැබේ. ඔබ දැනට මෙම නිශ්පදන වල නිරත වන අයෙකුනම් ඔබගේ දැනුම සංවර්ධනය කරගැනීමට හැකිය. ඔබ ආදුනිකයකු නම් මේ සම්බන්ධ සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු දැනුම ඔබට ලබා ගත හැකිය.

Target Groups

Company Staff Members, Entrepreneurs, New Comers, Campus Students & anyone who is interested to this topic
ආයතන සේවකයින්, ව්‍යවසායකයන්, ආදුනිකයන්, විශ්ව විද්‍යාල සිසුන් සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන්

Entry requirements

OL or Working Experience
සාමාන්‍ය පෙළ සමත් හෝ ආහාර නිශ්පාදන ක්ෂේත්‍රයේ පළපුරුද්ද

Medium

Sinhala සිංහල

Course Fee

15,500LKR

A recognized certificate will be awarded to those who successfully complete the course.
පාඨමාලාව සාර්ථකව අවසාන කරන අය සඳහා පිළිගැනීම සහිත සහතිකපත්‍රයක් හිමිවේ.

  • Theory & Practical Training න්‍යාත්මක සහ ප්‍රායෝගික පුහුණුව

මෙය එක් දිනයකදී උදෑසන 9 සිට සවස 5.30 දක්වා SL FOOD tech. Training Institute – Nugegodaදී පැවැත්වේ. මෙහිදී ඔබට මෙම තාක්ෂණය පිළිබඳව න්‍යාත්මක කරුණු පිළිබඳව දේශනයක් සහ මේ සම්බන්ධව ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙයි.

  • Online Evaluation Test මාර්ගගතව පවත්වන ඇගයීම

ඔබ නිවැරදිව දැනුම ලබාගත්බව පරීක්ෂා කිරීමට මාර්ගගතව මෙය පැවැත්වේ. 

  • මෙම නිශ්පාදන සිදු කිරීමට අවශ්‍ය යන්ත්‍ර, උපකරන, ඇසුරුම් ද්‍රව්‍ය සහ අනෙකුත් දේ සපයන ආයතන හදුන්වාදීම 
  • නිශ්පාදනය සදහා සුදුසු අමුද්‍රව්‍ය තෝරාගැනීම
  • සෝස් නිශ්පාදන්‍ය සදහා යොදාගන්නා ආහාර ආකලන ද්‍රව්‍ය සහ එහි භාවිතය.
  • පූර්ව ප්‍රතිකාර ක්‍රම්වේද
  • Recipe ගොඩනැගීම.
  • ප්‍රමිතකරණය
  • පැස්චරීකරණය
  • තාප පිරියම්කරණය
  • බීජෞශණය
  • තත්ව සහතික කිරීම

Next Intakes 

Sunday 01 September 2024 (10 seats available)

at SL FOOD tech. Training Institute – Nugegoda