දැන් දැන් ආහාර පරිභෝජන රටා නිරන්තර වෙනස් වීම්වලට බඳුන් වෙනවා සත්ව ආහාරවලින් මිදිලා ශාකමය ආහාර වෙත මිනිසුන් නැඹුරුවීම ඉහළ ගිහින්.
දියුණු රටවල්වල මේ විදියට ශීඝ්‍රයෙන් සිදුවන ආහාර රටා වෙනස් වීම් අධ්‍යයනය කරමින් ඊට ගැළපෙන අයුරින් ආහාර නිෂ්පාදනය සඳහා පරීක්ෂණ පවත්වනවා.
මෙන්න මේ දියුණුවත් සමගම “Plant Based Burger” ඒ කියන්නේ ශාක මත පදනම් වූ බර්ගර් නිපදවීම සීග්‍රයෙන් දියුණු වෙන්න පටන් අරගෙන. ඒ වගේම ඒවාට බොහොම ඉහළ ඉල්ලුමක් පවතිනවා.
මොකද්ද මේ Plant Based Burger කියන්නේ?
ශාක මත පදනම් වූ බර්ගර් කියන්නේ නිකම්ම නිකම් බර්ගර් එකක් නම් නෙවෙයි. මොකද ඔබ ආහාරයට ගන්නා හරක් මස් යොදා සාදන ලද බර්ගර් එකකින් ලැබෙන රසය,වර්ණය සහ වයනය යන ලක්ෂණ තුනම ශාකමය ද්‍රව්‍ය පාදක කර ගනිමින් ලබාගන්න පුළුවන් නම් එය සුවිශේෂී නිෂ්පාදනයක් බව පිළිගත යුතුමයි.
ඉතින් අපේ රටෙත් කොයි තරම් නම් ශාකමය අමුද්‍රව්‍ය තිබෙනවාද?
කොස්, පොලොස්, හතු වර්ග අපේ රටේ බහුලව තිබෙන ශාකමය අමුද්‍රව්‍ය ලෙස මූලිකව යොදාගත හැකි දේවල්.
අපි බොහොම ආසාවෙන් ගොඩ වැදෙන, නම් දැරූ ප්රමුඛ පෙලේ ආපනශාලාවලින් මිලදී ගන්නා බර්ගර්වල රසයම ඇති පරිද්දෙන් අපේම දේශීය දේ උපයෝගී කරගනිමින් ගුණාත්මක බවින් ඉහළ 100% ස්වභාවික බර්ගර් නිෂ්පාදනයක් අහාරයට ගැනීමට ඇත්නම් එය කොතරම් අගනේද?
ඔබට අවශ්‍ය මස් රසය අප නිපදවන ශාක මත පදනම් වූ බර්ගර්වලත් මස් රසයට සමාන විය යුතුය. මේ සඳහා මස් රසයට සමාන රසයන්ගෙන් යුත් ශාකමය ද්‍රව්‍ය වන විවිධ වූ හතු වර්ග, හතු වර්ගවලින් ලබගන්නා පිටි වර්ග, හතුවලින් සකසන සාන්ද්‍ර යුෂ ආදේශක ලෙස යොදා ගත හැකිය.
මෙහිදී තවත් අභියෝගයක් වන්නේ ලාක්ෂණික වර්ණය ලබා ගැනීමයි. ඒ සඳහා බීට් නිස්සාරණය කරන ලද සාන්ද්‍ර කරගත් යුෂ හෝ විජලනය මගින් ලබා ගන්නා powder යොදා ගත හැකිය.
එසේම Texture, එනම් ව්‍යුහය ඉතාමත් වැදගත් සාධකයක් වන අතරම හරක් මස් සහ කුකුළු මස් ආහාරයට ගැනීමේදී පාරිභොගිකයා ලබන තෘප්ත්මත්බවම ලැබිය යුතුය.
මේ සඳහා විවිධ වු සංඝටක විවිධ වූ භෞතික ස්වරූපයන්ගෙන් භාවිත කළ හැකිය.
මූලික අමුද්‍රව්‍ය ලෙස කොස් දෙල් වලින් සකසන powder, pasts, semi dried pieces, extracts භාවිතා කළ හැකිය.
මෙහි දක්වා ඇත්තේ මේ සඳහා පෙළඹවීමක් ඇතිකිරීමට මූලික විය හැකියැයි සිතන කරුණු කීපයකි. මෙය සරල අමු ද්‍රව්‍ය කිහිපයක සංකලනයකින් ගොඩනැගිය හැකි නිෂ්පාදනයක්ද නොවේ. මෙම නිෂ්පාදනය මුල් බර්ගර් එකකින් වෙන් කොට හඳුනා ගත නොහැකි මට්ටම දක්වා දියුණු කළ යුතුය. මෙහි සාර්ථකත්වය එයයි. මේ සිදුකළ නොහැක්කක් නොවේ. අවශ්‍ය වන්නේ අලුතින් සිතීමයි.
අපි බොහොම ආසාවෙන් ගොඩ වැදෙන, නම් දැරූ, ප්රමුඛ පෙලේ ආපනශාලාවලින් මිලදී ගන්නා බර්ගර්වල රසයම ඇති පරිද්දෙන් අපේම දේශීය දේ උපයෝගී කරගනිමින් ගුණාත්මක බවින් ඉහළ 100% ස්වභාවික බර්ගර් නිෂ්පාදනයක් සැකසිය හැකි නම් එය අප ලබනා ජයග්‍රහණයක් නොවේද?
(Copyright Protected SL FOOD tech.)