පැස්චරීකරණය පිළිබඳ පළවූ ලිපියේ සටහන් පරිදි සාර්ථක පැස්චරීකරණයක් සඳහා නිශ්චිත උෂ්ණත්වය නිශ්චිත කාලය පුරා නිෂ්පාදනයේ සෑම අංශුවක් වෙතට ලබා දිය යුතුය. එනම් උෂ්ණත්වය හුවමාරු කර ගැනීම සඳහා යම් පෘෂ්ඨයක් (Heat Transfer Surface ) තිබිය යුතුය. මෙම පෘෂ්ඨය මත අදාළ නිෂ්පාදනය, පැස්චරීකරණය ක්‍රියාවලිය මුළුල්ලෙහි තබයි. ගෘහස්ත නිෂ්පාදන වලදී ඩබල් බොයිල් කිරීම මේ සඳහා භාවිතා කළ හැකි සරලතම ඇටවුමයි. මෙම ඇටවූමේ ප්‍රධාන කොටස් දෙකක් හදුනාගත හැකිය.
1. නිෂ්පාදනය අන්තර්ගත කරනු ලබන භාජනය
2. රත් කිරීම සඳහා ජලය යොදන ලද භාජනය
මෙහිදී පළමුව ජලය සහිත භාජනයේ ජලය රත් කිරීම සිදු කරයි. ක්‍රමයෙන් එහි උෂ්ණත්වය ඉහළයයි. දෙවනුව මෙම උෂ්ණත්වය ආහාරය අන්තර්ගත කරනු ලබන භාජනයේ පෘෂ්ඨය මගින් අවශෝෂණය කරගනී. මෙලෙස අවශෝෂණය කරගත් උෂ්ණත්වය නිෂ්පාදනය මගින් ලබා ගනී. නිෂ්පාදනය උෂ්ණත්වය ක්‍රමයෙන් පැස්චරීකරණ උෂ්ණත්වය කරා ළඟා වෙයි. නිෂ්පාදනයේ සෑම අංශුවක් වෙතම මෙම නිශ්චිත උෂ්ණත්වය ළඟාවීම තහවුරු කර ගැනීම සඳහා පැස්චරීකරණය කාලය මුළුල්ලේ ක්‍රමානුකූලව මන්තනය කිරීම සිදුකළ යුතුය.
වාණිජ නිෂ්පාදනයකදී මෙම ක්‍රමය ප්‍රායෝගික නොවේ. මෙම මූලධර්මය පාදක කර ගනිමින් හඳුන්වා දුන් තාක්ෂණික මෙවලමක් ලෙස Jacketed Kettle/ Pan දැක්විය හැකිය. වර්තමානයේ මෙම තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිතා කළද ජාත්‍යන්තර ආහාර නිෂ්පාදන තාක්ෂණය හා සසඳන විට යම්තාක් දුරකට යල්පැනගිය ක්‍රමවේදයකි.
පැස්චරීකරණය ක්‍රියාවලියේදී අදාළ නිෂ්පාදනය සෘජුව තාපනය (Direct Heating) කිරීමකට ලක් කළ නොහැක. එයට හේතු වනුයේ ඒකාකාරීලෙස තාපය ව්‍යාප්ත නොවීම සහ තාප හුවමාරු පෘෂ්ඨයන්හි ක්ෂේත්‍රඵලය අඩුවීමයි. සාර්ථක පැස්චරීකරණයක් සඳහා ආහාරය ගැටෙන පෘෂ්ඨයේ, හැකි උපරිම ශ්‍රේෂ්ඨ ඵලයක් හරහා තාපය හුවමාරු කර ගත යුතුය. මෙලෙස තාපය හුවමාරු කර ගැනීම සඳහා භාවිතා කරනු ලබන මෙවලම් පොදුවේ Heat Exchanges ලෙස හඳුන්වයි.
Jacketed Pan එකක පහත සඳහන් කොටස් හඳුනාගත හැකිය.
1. අදාළ නිෂ්පාදනය දැමිය හැකි බහාලුම. (Vessel/ Container/ Food Contact Surface)
2. ජැකට් එක – මේ හාරහා ඉහළ උෂ්ණත්වක් සහිත හුමාලය (Steam) සංසරණය වේ. හුමාලය රැගෙන එන තාපය ආහාර ගැටෙන පෘෂ්ඨය (Food Contact Surface) නිෂ්පාදනයට ලබාදෙයි (Heat Exchange)
3. හුමාල සැපයුම ( Steam Supply). බොහෝ විට බොයිලේරුවක් ( Boiler-Steam Generator) හා සම්බන්ධ වේ. ඉහළ උෂ්ණත්වයක් හා ඉහළ පීඩනයක් යටතේ බොයිලේරුව මගින් නිකුත් කරනු ලබන හුමාලය Jacketed Kettle එකට ලබා දෙයි.
4. කන්ඩෙන්සර මාර්ගය ( Condenser Line) බොයිලේරුව මගින් රැගෙන එන ඉහළ උෂ්ණත්වයක් සහිත පීඩනයක් සහිත හුමාලය, තාප හුවමාරු පෘෂ්ඨය හරහා තාපය නිෂ්පාදනය වෙත ලබා දෙයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් හුමාලය ජලය බවට පත්වේ. මෙම ජලය ජැකට් එක තුළින් ඉවත් කිරිම සිදුකරයි.
5. Agitator or Mixture – නිෂ්පාදනය ක්‍රමානුකූලව මිශ්‍රකිරීම සහ මන්තණය කිරීම සඳහා භාවිතා කරයි. නිෂ්පාදනය පුරා ඒකාකාරීව තාපය විස්ථාපනය කිරීම තහවුරු කරයි.
6. මූඩිය – පැස්චරීකරණයේදී සිදුවිය හැකි ආගන්තුක ද්‍රව්‍ය මිශ්‍ර වීම සීමා කරයි. වාෂ්පීකරණයෙන් සිදුවිය හැකි පරිමා අඩු වීම පාලනය කරයි. පැස්චරීකරණය උෂ්ණත්වයට ලඟාවීමට ගතවන කාලය අවම කරයි.
(
Copyright Protected SL FOOD tech.)